පෙට්‍රල් සහ ඩීසල් සඳහා නව මිල සූත්‍රයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් එය ළඟදීම හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ඇමති චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
එම මිල සූත්‍රය මේ වන විට සකස්කර අවසන්වී තිබෙන බවද ඒ පිළිබඳ ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා කීය.
නව මිල සූත්‍රය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයිද චන්දිම වීරක්කොඩි මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
චන්දිම වීරක්කොඩි මහතා එසේ කීවේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක මන්ත්‍රීවරයා ඉකුත් දිනක පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
රංජන් කස්තුරි සහ සුජිත් හේවාජුලිගේ