පෘථිවියට සමාන ග්‍රහලෝක තුනක් කක්ෂගත වූ ආලෝක වර්ෂ 40 කට එපිටින් තවත් සෞරාග්රහ මණ්ඩලයක් තුළ අධි සිසිල් වාමන ග්රාහකයෙක් සොයාගෙන තිබේ.
නේචර් ජර්නලයේ පළ වූ නවතම වාර්තාවක මෙම පර්යේෂණය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
මෙම වාමන ග්‍රහයා TRAPPIST-1 ලෙස නම් කර ඇතත්, එය මෙවැනි ග්‍රහලෝකවලට කේන්ද්‍ර වූ ග්රහකයක් ලෙස විද්‍යාඥයන් බලාපොරොත්තු නොවූවකි. විද්‍යාඥයන් පෙන්වාදෙන පරිදි එය තරුවක නිර්වචනයේ අවසානයේ පවතින්නක් වන අතර, හිරුගේ උෂ්ණත්වයෙන් අඩක් හා ප්‍රමාණයෙන් දහයෙන් එකක් පමණ බවද කියයි.
පියවි ඇසට දැකගත නොහැකි මේ වාමන ග්‍රහයා රතු ග්රහයෙකු බවද කියයි. කෙසේ වෙතත්, ඒ වටා ඇති අනෙකුත් ග්‍රහලෝක තුන පෘථිවිය සමාන, ජීවයක් සහිත ග්‍රහලෝක බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.