ඉන්දුනීසියානු හා පැසිෆික් කලාපයේ රටවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව අද (09දා) උදාවිය.
ඉන්දුනීසියාවට ඉහළ අහසේදී පැහැදිලිව පෙනෙනු මෙම පූර්ණ සූර්ය ග්‍රහණයක් දැකගැනීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් මෙම කලාපයට පැමිණ තිබුණි.
විද්‍යාඥයන්ගේ දැනුම්දීමට මෙම සූර්ය ග්‍රහණය ඉන්දුනීසියාවේ පළාත් 34 න් පළාත් 12ක් පුරා ඉතා හොඳින් දැකගැනීමේ හැකියාව පැවතුණු අතර එම ඇතැම් කලාප සම්පූර්ණයෙන් අන්ධකාර වී ගියේය.
එරට වේලාවෙන් උදෑසන 6.19 ට (ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 11.19 ට) චන්ද්‍රයා එක එල්ලේ සූර්යයා ඉදිරියෙන් ගමන් කිරීම සිදුව තිබේ.
එහිදී මෙම සූර්ය ග්‍රහණය ඉන්දුනීසියාවේ නැගෙනහිර සිට බටහිර දක්වා කිලෝමීටර් 5,000 ක් දුරට දැකගත හැකි වූ අතර අවසානයේදී සූර්යයා පැසිපික් සාගරය වෙත ඇදී ආවේය.