පූජාපිටිය නගරයේ වෙළෙඳසැල්වල සිගරට් අලෙවි කිරීම නැවැත්වීමට වෙළෙඳ සංගමය තීරණය කිරීමත් සමග ඒ සඳහා බාහිර බලපෑම් හා බාධා එල්ල වෙමින් තිබෙන බව නගරයේ ව්‍යාපාරිකයෝ පවසති.
නගරයේ සිගරට් අලෙවිය නැවැත්වීමෙන් පසුව බාහිර පුද්ගලයන් යතුරුපැදි පාපැදි උපයෝගී කරගනිමින් සංචාරක සිගරට් අලෙවි කිරීම් සිදුකරන බවත් තවත් පිරිසක් ව්‍යපාරිකයන්ව විවිධ ක්‍රම මගින් නතු කර ගන්නට උත්සාහ දරන බවත් නගරයේ ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරති. මෙය සමාගමේ අනුදැනුම මත සිදුවන්නක් විය හැකි බවත් ඔවුහු වීශ්වාස කරති.
පූජාපිටිය නගරයේ සිගරට් අලෙවි කිරීම නැවැත්වීමට මීට දින කිහිපකට පෙර එහි ප්‍රාදේශීය සභාපති අනුර මඩලූස්ස මහතාගේ මගපෙන්වීම යටතේ වෙළෙඳ සංගමය ස්වයංව තීරණය කෙරිණි.
මොහොමඩ් ආසික්