පුවත්පත් වල ඇති මංගල යෝජනා මගින් දිවයිනේ විවිධ ප්රදේශවල කාන්තාවන් සමග මිත්රව ඔවුන් සතු රන් භාණ්ඩ වංචනිකව ලබා ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය කියයි.
කලුතර, මාතර, වාද්දුව, බොරලැස්ගමුව, ගාල්ල, මොරටුව, පානදුර, වැල්ලවත්ත, නාරාහේන්පිට, ගල්කිස්ස, කොළඹ කොටුව හා බම්බලපිටිය යන පොලිස් වසම්වල කාන්තාවෙන් සැකකරු මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කා තිබේ.
සැකකරු පසුගිය 26 දා හෙරොයින් ග්රෑම් 02.080ක් සමග පොලස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර වැඩිදුරට ප්රශ්න කිරීමේදී ඔහු විසින් ඉහත සඳහන් වංචා පිළිබඳවද පවසා තිබේ.
සැකකරු සන්තකයේ තිබී රන් වළලු 04ක් හා රන් මාල 02ක් සොයා ගෙන ඇත. අනෙකුත් රන් භාණ්ඩ විකුණා කැසිනෝ සඳහා වියදම් කර ඇතැයි පොලීසිය කියයි.