ශ්‍රී ලංකාවේ ජනතාව අතර මාධ්‍ය භාවිතයේදී සාම්ප්‍රදායික පුවත්පත් කළාවට වඩා අන්තර්ජාලය ඉදරියට පැමිණිමෙන් තිබෙන බව ආචාර්ය රංග කලංසූරිය මහතා පවසයි.
කොළඹදී පැවැත්වෙන සම්මන්ත්‍රණයකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ ජනතාව තොරතුරුවලට ළඟාවිමේදී වර්තමානය තුළ අන්තර්ජාලයට පිවිසිම වර්ධනය වී තිබෙන බවයි.
එසේම නිමාවට පත්වූ ජනපතිවරණයේදී ජනමතය වෙනස් කිරිම සඳහා සමාජ මාධ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටුකළ බවත් හෙතම කිවේය. ඒ හරහා විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යපාරයේදි පාවෙන ඡන්ද ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයකට සෘජු බලපෑමක් කළ හැකි වූ බවත් හෙතෙම කිවේය.
ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කරගනිම්නි සිදුකරනු ලැබූ සමීක්ෂණයකින අනතුරුව තොරතරු වලට ළඟාවීම සඳහා ජනතාව වැඩි වශයෙන් රූපවාහනිය භාවිත කරන බව හෙළිවූ බවත් ආචාර්යවරයා සඳහන් කළේය. ඉන් අනතුරුව අන්තර්ජාලය, පුවත්පත් හා ගුවනවිදුලිය භාවිත කරන බව හෙතෙම හෙළිකළේය.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ඈත පිටිසර පළාත්වල පවා දැකිය හැකි බව හෙතෙම කිවේය.