රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යොවුන් කඳවුරු මේ මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියවංශ මහතා සඳහන් කරයි.
ගමේ සිටින තරුණ නායකයන් හඳුනා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක කරන බවත්, මෙම වැඩපිළිවෙළ පොළොන්නරුවෙන් ආරම්භ කර සෑම දිස්ත්‍රික්කයකම පැවත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහස වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
ගමේ සිටින තරුණ තරුණියන් හඳුනා ගැනීම සඳහා සෑම ග්‍රාමනිලධාරී වසමකින්ම තරුණ තරුණියන් 07 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගි කරගන්නා බවද අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.