පොළොන්නරුව ගල් විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පුලතිසි පොසොන් උදානය, වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) දහවල් ආරම්භ කෙරිණි.
ඒ හා සමගාමීව සංවිධානය කර තිඛෙන ධාතු ප්‍රදර්ශනයද මහජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කිරීමද ජනපතිවරයා අතින් සිදුවිය.
නෙල්ලිගල රාජ මහා විහාරස්ථානයේ සිට මෙම සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවා තිඛෙන අතර පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූ ජනතාවට පිං පමුණුවමින් සහ පීඩාවට පත් සියලු දෙනාට සෙත් පතමින් මෙම සර්වඥ ධාතුන්වහන්සේ ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
මෙම අවස්ථාවට චතුරිකා සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.