පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ඓතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම පිලිබඳ ඊයේ (22) ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයාමේ බව අවධාරණය කළේය. දැනට ප්‍රබල ලෙස තර්ජනයට ලක්ව ඇති සහ අනාරක්ෂිත පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන හඳුනාගෙන ඒවා පුරාවිද්‍යා ස්ථාන බවට ප්‍රකාශයට පත් කිරීමේ කඩිනම් වැඩසටහන් පිලිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
බුද්ධ ශාසන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල නියෝජිතයින්ගෙන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සහ මහජනතාව නියෝජනය කරන කමිටුවක් මගින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම පිලිබඳව ද අවධානය යොමු විය.
එමෙන්ම මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී සියලූ ජන කොටස්වල සහභාගිත්වය ඒ සඳහා ලබා ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපති සිරිසේන මහතා ජාති බේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් ලෙස අපගේ අභිමානවත් අතීත උරුමයන් ආරක්ෂා කර ගනිමින් මතු පරපුරට දායාද කිරීම පිලිබඳ සියලූ ජන කොටස් අතර ආකල්පමය සංවර්ධනයක් ඇතිකළ යුතු බවද කියා සිටියේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු වඩා විධිමත් සහ කාර්යක්ෂම අන්දමින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පිලිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත “ගලේ කෙටූ අකුරු කෘතිය” සහ සංයුක්ත තැටිය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද පූජ්‍ය ගලබඩඅත්තේ ඤාණසාර හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද, අමාත්‍යාංශ ලේකම්වරුන් ද, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඇතුළු නිළධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.