උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යංශ වල අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් පසුව එම අමාත්‍යාංශ දෙක උතුරු මහඇමති යටතට පවරා ගෙන තිබේ.
ඒ අනුව උතුරු මහඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අද (21දා) සවස උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී එම අමාත්‍ය තනතුරු තනතුරුවල දෙනු ලැබීය.
මේ අනුව අද පස්වරුවේ සිට උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා හා යෞවන කටයුතු හා කෘෂිකර්ම ගොවිජන සේවා, සත්ත්ව පාලන, ජලසම්පාදන හා වාරිමාර්ග, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, පරිසර හා සමුපාකාර සංවර්ධන යන අංශයන්හි වැඩබලන අමාත්‍යවරයා වශයෙන් උතුරු ආණ්ඩුකාරවරයා කටයුතු කරයි.
මේ පිළිබඳව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ පුරප්පාඩු වූ අමාත්‍ය ධුර දෙක මහ ඇමතිවරයා විසින් තාවකාලිකව පවරගත් බවටත් ඉදිරියේදී එම අමාත්‍යධුර වෙනුවෙන් නව අමාත්‍යවරුන් පත් කිරීමට නියමිත බවත්ය.
ආණ්ඩුකාර ලේකම් එන්.ඉලංකෝවන් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.