මිරිදිය ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුරන් වූ කුඹුරු යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව තෙත් කලාපයේ හා වියළි කලාපයේ කිසිඳු වගාවක් සඳහා යොදා ගත නොහැකිව අත්හැර දමා ඇති පුරන් කුඹුරු යොදාගනිමින් මරිදිය ජලජීවි වගාව ප්‍රවර්ධනය කිරීමට නියමිතය.
ඒ අනුව එම ඉඩම් ශක්‍යතා අධ්‍යනයකින් පසුව කුඹුරුවල ජයල බැසයාමේ කාර්යයට ගැටලුවක් ඇති නොවන පරිසි ස්ථිර ඉදිකිරීමකින් තොරව මිරිදිය ජලජීව වගාව සඳහා යොදා ගැනීමට නියමිතය.
මේ අතර අද (05දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය.
උතුරු ප්‍රදේශයේ පවතින රජයේ හිස් ඉඩම්වල ජලජ ජීවී වගාවන් ව්‍යාප්ත කරන බවයි. පළමු අදියර ලෙස පේදුරුතුඩුව ප්‍රදේශයේ අක්කර 3000 ක ජලජ ජීවී වගා ව්‍යාපෘතියක් සකස් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (04දා) ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.