වත්මන් නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක පුබුදු දසනායක එළැඹෙන ලෝක ක්‍රිකට් ලීග තරගාවලියෙන් අනතුරුව නේපාල ජාතික ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය. ඒ අනුව නොවැම්බර් 16 වැනිදා පැපුවා නිව්ගිනියාව හා නොවැම්බර් 18 එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග නේපාලය තරග කරන තරගවලින් පුබුදු නේපාල පුහුණුකාර ධුරයට සමුදීමට නියමිතය.
කෙසේ වෙතත් පුබුදුගේ ධුර කාලය 2015 ජුනි මාසයෙන් අවසන් වූ අතර, නේපාල ක්‍රිකට් සංගමය ලෝක ක්‍රිකට් ලීග තරගාවලිය නිසා ඔහුගේ ධුර කාලය 2016 ජනවාරි දක්වා දීර්ඝ කළේය.
පුබුදු නේපාල පුහුණුකාර ධුරයට සමුදීමට නියමිත වන්නේ පෞද්ගලික කාරණාවක් මූලික කරගනිමින් බව නේපාල ක්‍රිකට් සංගමය විදෙස් මාධ්‍යයට පවසා ඇත.
වසර 4 කට අධික කාලයක් නේපාල ක්‍රිකට් ජාතික පුහුණුකරු ලෙස සේවය කළ පුබුදු දසනායක, කලක් කැනඩා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙසද සේවය කළේය. පුබුදුගේ සේවය යටතේ නේපාලය පළමු වරට 2014 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවේය.