කුච්චවේලි මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ මෙරට ධීවරයන් 06 දෙනෙකු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
එහිදී ධීවරයන් සතුව තිබී ඩිංගි යාත්‍රාවක්, තහනම් දැල් 02 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගලක්, මුහුණු ආවරණයක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 03ක් හා වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව අත්අඩංගුවට පත් ධීවරයන් හා ධීවර උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානයට බාරදීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම නැගෙනහිර නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලගණයේ සෙඩ්රික් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදුකරන ලද බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.