ගල්අඟුරු නිධි සහිත රටවල් පවා ගල්අඟුරු බලාගාර ඉදිකිරීම අතහැර දමමින් සිටියදීත් මෙරට ජාවාරම්කරුවන් පිරිසක් විසින් ගල්අඟුරු බලාගාර ඉදිකිරීම සඳහා දැඩි උත්සාහයක් ගන්නා බව සෙමා ආයතනයේ සභාපති අශෝක් අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
අඩුශක්ති විභවයක් ලෙස පෙන්වමින් ගල්අඟුරු බලාගාර ඉදිකිරීමේ මාෆියාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමින් සිටින බවත්, එහෙත් ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
එහෙත් පුනර්ජනනීය බලශක්ති ක්රමහරහා රටට විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවන බවත්, එහෙත් ජාවාරම්කාර පිරිස් එම කටයුත්ත සිදුකිරීමට බාධා කරමින් සිටින බවද අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයා සඳහන් කළේය.