උතුරේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් උදාකර දෙමින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදි කෙරුණු හයිඩ්‍රාමනී නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (24දා) පෙරවරුවේ විවෘත කෙරිණි.
පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්රමුඛ මහා සංඝරත්නයද, හින්දු, කතෝලික පූජකවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ඒ.එම්.ජී.එස්. පලිහක්කාර, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී ඉන්ද්‍රානි මල්වත්ත යන මහත්ම මහත්මීන්ද විදේශ රටවල තානාපතිවරුන්ද, යුද හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයන්ද, හයිඩ්‍රාමනී ආයතනයේ සභාපති ජගත් හයිඩ්‍රාමනී මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.