පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 10,000 කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබුණ බව කම්කරු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (10දා) පැවැසීය.
අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර අතුරු අයවැයෙන් මෙන්ම, අයවැයෙන් පෞද්ගලික අංශයට යෝජනා කළ රුපියල් 2500ක වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කරවීම සඳහා ඉතාමත් ඉක්මනින් පනතක් ගෙනෙන බවත් ඔහු සඳහන් කළේය.