රාගල, කඳපොළ වතුයායක පදිංචිකරුවෙකු වූ කරුපයියා වනරාජා නැමැති 40 හැවරිදි පුද්ගලයෙකු පිහි ඇනුම් සිදුකර ඔහුගේ සිරුර ලොරි රථයක බැඳගෙන යාමෙන් ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඩුවම නියම විය.
කඳපොළ ප්රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුට මෙසේ මරණ දඩුවම නියම කළේ නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසිනි.
2001 වසරේදී සිදුවූ සිද්ධියකට අදාළව පැවැත්වූ නඩු විභාගයක් අවසන් කරමින් අද මෙසේ මරණ දඩුවම ප්රකාශ කළේය.
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි