පැරීසියේ සිට ඊජිප්තුවේ කයිරෝ බලා ගමන් කරමින් තිබූ ඊජිප්තු ගුවන්සේවයට අයත් යානයක් අතුරුදන්ව තිබේ.
එයාර්බස් ඒ320 දරණ මෙම යානයේ මගීන් 66 දෙනෙකු සිටි බවද, එය ඊජිප්තු ගුවන් සීමාවට ඇතුළු වූ විට රේඩාර් තිරයෙන් අතුරුදන්ව ඇත.
දරුවන් තිදෙනෙකු ඇතුළු මගීන් 56ක්, කාර්ය මණ්ඩලයේ 7ක් සහ ආරක්ෂක සාමාජිකයන් තිදෙනෙක්ද MS804 දරණ යානයේ ගමන් කර තිබේ.
එම මගීන් අතර, ඊජිප්තු ජාතිකයන් 30ක්, ප්‍රංශ ජාතිකයන් 15ක්, ඉරාක ජාතිකයන් දෙදෙනෙක් මෙන්ම, කැනඩාව, බෙල්ජියම, ක්වේටය, සෞදි අරාබිය, ඇල්ජීරියාව, සුඩානය, චාද්, පෘතුගාලය හා බ්‍රිතාන්‍ය යන රටවල පිරිස්ද මෙහි ගමන් කර ඇත.