පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් හිටපු පොළොන්නරු දිස්ති්රක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ජයසිංහ බණ්ඩාර මහතා සහ ඔහුගේ
පුත්රයා අද (28දා) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය පවසයි.
වෙනත් පක්ෂයක ආධාරකරුවෙකුට පහරදීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, පහර කෑමට ලක් වූ පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින බවට වාර්තාවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරිර ඇප දෙකක් මත නිදහස් කළ බව අරලගංවිල පොලීසිය ප්රකාශ කළේය.