1994 වර්ෂයේදී වලපනේ නිල්දණ්ඩාහින්න තේවත්ත ප්රදේශයේදී සිදුකළ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හත් දෙනෙකුට මරණ දඬුවම් ලබාදීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා අද (28දා) තීරණය කළේය.
මෙම මිනීමැරුම සම්බන්ධයෙන් නවදෙනෙකු චෝදනා ලැබ සිටි අතර, ඉන් දෙදෙනෙකු නඩුව පැවැති කාලයේ මියගොස් තිබිණි. ඒ අනුව ඉතිරි හත්දෙනාට මෙසේ මරණ දඬුවම හිමිවිය.