පුත්තලම දිස්ත්‍රික්කයට මේ වන විට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොවිතැන් කිරීමට නොහැකිව අසරණ තත්ත්වයට පත් ගොවි ජනතාවට සහන සැලසීමේ අරමුණින් ප්‍රදේශයේ අක්කර 600ක බඩඉරිඟු වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇත.
දිස්ත්‍රික්කයේ ගොවිතැන් කටයුතු අඩාල වීම හේතුවෙන් කන්න දෙකක් කිසිදු භෝගයක් වගා කිරීමට නොහැකි වූ ප්‍රදේශවල ගොවි පවුල් 500 කට අධික පිරිසකට සහන සැලසීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
ඉඟිනිමිටිය ව්‍යාපාරයේ පැවති ඉතාම සීමිත ජල ප්‍රමාණය උපයෝගී කර ගනිමින් මෙම වගා කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
මීට අමතරව අතිරේක භොග වගාවන් සඳහා ද ගොවි ජනතාවට සහන සැලසීමට කටයුතු කර තිබෙන අතර සූර්ය බල ශක්තියෙන් ජල පොම්ප ක්‍රියාකරවීමේ වැඩසටහනක් මෙන්ම බහුකාර්ය වල් මර්දන රොටරි කිරීමේ සරල උපකරණ බෙදාදීමේ වැඩසටහනක් හා තරුණ කෘෂි ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.