මින් පෙර 55ක් ව පැවති කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව නව මැතිවරණ ක්‍රමයත් සමග 119 දක්වා ඉහළ ගොස් තිබීම නිසා රැස්වීම් පැවැත්වීමේ ගැටළුවක් පැණ නැගී තිබේ.
ඒ අනුව කොළඹ මහ නගර ශාලාවේ රැස්වීම් ශාලාව අලුත්වැඩියා කරන තුරු පැවැත්විය යුතු රැස්වීම් වෙනත් ස්ථානයක පැවැත්වීමේ තීරණයක් ගෙන ඇත. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලව හෝ වෙනත් සුදුසු ස්ථානයක් ඒ වෙනුවෙන් තෝරාගනු ඇත.