ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති කෙනෙකු පත්කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණවරණයෙන් පසුව සටන ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (15දා) පැවසීය.
ගම්වල සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් මේ වනවිට කලකිරීමෙන් සිටින බවත්, ජනපති සටනේදී රනිල් වික්‍රමසිංහ මහතාට පරාජය අත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළකළේය.