ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය හා පාර්ලිමේන්තුවේ අනෙකුත් කටයුතු නිසා පළාත් පාලන මැතිවරණය එළැඹෙන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයගෙන් ඉල්ලා සිටි බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
ඊයේ (14දා) අරලියගහ මන්දිරයේ පැවැති කොළඹ දිස්ත්රික් ග්රාම නිලධාරීවරුන් හා සංවර්ධන නිලධාරීන් හමුවීම සහ විවාහ රෙජිස්ටාර්වරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයේ දී අග්රාමාත්යවරයා මේ බව පවසා සිටියේය.
“අයවැය සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් වැඩ කටයුතු දෙසැම්බර් මාසයේ අවසන් වූ පසු මැතිවරණයේ වැඩ කටයුතු ජනවාරි මාසයේ පැවැත්වීමට සූදානම් කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් අපි ඉල්ලීමක් කළා. ඒ අනුව එළැඹෙන ජනවාරි මාසයේ මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”
ඉන් පසු පෙබරවාරි මාසය වන විට මේ වනවිට විසුරුව ඇති පළාත් පාලන ආයතන වල කටයුතු නැවත ආරම්භ වනු ඇතැයිද අග්රාමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.