පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීම සඳහා දේශපාලන කුමන්ත්‍රණයක් සිදුවෙමින් ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
පොදුවේ වසර දෙක හමාරක සිට මැතිවරණ කල් යමින් තිබෙන බවත්, මේ නිසා කඩිනමින් මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේවනවිට සිදුකර තිබෙන බවත් එම සංවිධාන නියෝජිතයෝ අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළහ.
ඒ අනුව රට ගැන නොසිතා තමන්ගේ පක්ෂය ගැන සිතා කටයුතු කරන දේශපාලනඥයන් පිරිසක් මැතිවරණය කල් දැමීම සඳහා කුමන්ත්‍රණයක් සිදුකරමින් තිබෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මේ හරහා මිලියන 15ක් පමණ වූ ඡන්ද දායකයන්ගේ ඡන්ද අයිතිය හකුළා දැමීමක් සිදුවන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.