සීමා නිර්ණයට අදාළ ගැටළු රහිත පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම කඩිනම් කරන ලෙසත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමු කර ඇත.
අදාළ පළාත් පාලන ආයතන සඳහා වන සභික ධුර සංඛ්‍යාව ගැසට් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මෙම ලිපිය මගින් කරුණු විමසා තිබේ.