ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිට අභියෝග හමුවේ ඉදිරියට පැමිණ ජයග්‍රහණය කළ පක්ෂයක් බව පැවසූ ජනාධිපතිවරයා එය ඉදිරියේදී ද එලෙසින්ම සිදුවන බව කියා සිටියේ ඊයේ (26) පෙරවරුවේ ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අමතමිනි.
ලබන වසරේ මැද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමේ වගකීම තමන් ස්ථිරවම ඉටු කරන බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරන්නේ එහි ඓතිහාසික ලාංඡනය වන අත ලකුණෙන් බවත්, සියලූම ප්රගතිශීලි බලවේග පක්ෂය වටා ඒකරාශි කර ගනිමින් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන බවත් කියා සිටියේය.
වංචාව, දුෂණය, අක්රමිකතාවය බැහැර කර ජනතාවගේ මුදල් සාක්කුවේ දමා නොගෙන අවංකව වැඩ කරන්නේ කෙසේදැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස රටේ සියලූදෙනාට අලූත් පාඩමක් ඉගැන්වීම අත්‍යාවශ්‍ය වි ඇති බවද පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය රජය සමයේ නිල් වලා ගඟ ව්‍යාපෘතිය සදහා යැයි පවසමින් සිදුකළ රුපියල් මිලියන 4012 ක මුදල් අක්‍රමිකතාවයක් පිළිබදවද කරුණු අනාවරණය කළේය.
රටේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ ප්‍රධාන සහාය ලබාදෙන ලෙස තමා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා වෙතින් ඉල්ලීමක් සිදුකර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇමරිකානු නව ජනාධිපතිවරයා වෙත යොමු කර විශේෂ නියෝජිතයින් මාර්ගයෙන් සාකච්ඡා පවත්වා මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් රට නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ස්ථිරවම ජයග්‍රහණය අත් කරගත හැකි බව තමා විශ්වාස කරන බවත් කියා සිටියේය.