පසුගිය වසර 10 ක කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්ව සිටින මාධ්‍ය‘වේදීන් පිළිබඳව සොයා බලා සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කමිටුවක් පත්කර තිබේ.
2005 වසරේ ජනවාරි මාසයේ සිට 2015 වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ අසාධාරණයන්ට, හිරිහැරයන්ට ලක්වූ මාධ්‍ය‘වේදීන්ට තම වෘත්තීමය අනන්‍යතාවය සමග පත්වූ අසාධාරණය සනාථ කළ හැකි සියලු දත්ත මෙම කමිටුවට ලබාදිය යුතු වේ.
සියලුම තොරතුරු 2016 ජුනි 15 වැනි දිනට පෙර එස්.ජී. කොඩිකාර, ජනාධිපති අතිරේක ලේකම්, ජනාධිපති කාර්යාලය කොළඹ යන ලිපිනයට යොමු කළයුතු වේ.