දිවයිනට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 22ක පවුල් 81216 කට අයත් පුද්ගලයෝ 34,6241 ක් පීඩාවට පත්ව සිටිති. මේ වනවිට අවතැන් කඳවුරු 332ක පවුල් 42,918 ක් රඳවා සිටින අතර පුද්ගලයන් 19ක් මියගොස් 19 දෙනෙකු තුවාල ලබා 06 දෙනෙකු අතුරුදන්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් නිවාස 2700 කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබේ. වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 35513 කට අයත් පුද්ගලයෝ 171135 ක් පීඩාවට පත්ව සිටිති.