ව්යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා අද (20දා) ප.ව 2.00 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. ලියනගේ මහතාට අයත් පීකොක් මන්දිරය වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇතිද යන්න සෙවීමට මුදල් විශුද්ධි කරන පනත යටතේ මෙලෙස කැඳවා තිබේ.
මෙම නිවස මහින්ද රාජපක්ෂ මහතාට වසර දෙකක ගිවිසුමක් යටතේ ලබාදීමට තමා කටයුතු කළද, ගිවිසුමකට එළැඹීමට මහින්ද පාර්ශවය අකමැති වූ බව ලියනගේ මහතා 'අද' ට පැවසීය. කෙසේ වෙතත් පීකොක් මන්දිරය කිසිවෙකුට විකුණා නොමැති බවද ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.