පිළියන්දල වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පිළියන්දල ප්‍රදේශයේදී පසුගිය මැයි මස 15 වැනිදා මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගි වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු සහ දැරියක වෙඩි තබා ඝාතනය කිරීම සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ සිවිල් වැසියන්ට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඊයේ (15දා) මැදිරිගිරිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන මිරිහාන පොලීසියට බාරදුන් බව මිරිහාන පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.
මෙම සැකකරු 27 වියේ පසුවන කුරුන්ද පාර, මීගම, දර්ගා නගරයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අම්බලන්ගොඩ, උරගස්මංහංදිය, අහුංගල්ල යන ප්‍රදේශවල සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකි.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරු අද (16දා) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිදුවීම සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ ඒකකය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
.jpg)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
