පසුගිය මස 9වන දින පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තබා පොලිස් නිලධාරියෙක් ඇතුලු කුඩා දැරියක් ඝාතනය කිරීම හා තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ සිවිල් පුද්ගලයන්ට තුවාල සිදුකිරීම සම්බන්ධ ඊට අනුබල ලබාදීමේ චෝදනාව යටතේ ඊයේ (10දා) තවත් සැකකරුවෙකු කැකිරාව බස් නැවතුම්පළ අසලදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසිය පවසයි.
අදාල සැකකරු මෙම ඝාතනය කිරීම සඳහා පැමිණි යතුරුපැදිය මීලදී ගත් පුද්ගලයා වන අතර ඒ අනුව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබා දීම චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු 2009 වර්ෂයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොල්ලකෑම් ගනනාවක් සිදු කර ඇති අතර මේ අනුව මොහුට විරුද්ධව බලපිටිය, හෝමාගම යන අධිකරණයන්හී නඩු විභාග වෙමින් පවතින බව මූලික විමර්ශනවලින් හෙලිවූ මිරිහාන පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරු 49වියේ පසුවන රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඒ අනුව අද (11දා) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මිරිහාන පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.