පසුගිය මස (05.09)දින පිළියන්දල ප්‍රදේශයේ වෙඩි තබා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් නිලධාරියෙකු සහ කුඩා දැරියක් ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07දා) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මේ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් 34, 27වියේ පසුවන දර්ගා නගරය හා අහුංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් අද (08දා) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිදුවීම සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.