නව ස්ථාවර නියෝග අනුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමට අප්‍රේල් 15න් පසුව අදාළ විෂය භාර ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා පැමිණීම අනිවාර්යය බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
ඇමතිවරුන්ට යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට පාර්ලිමේන්තුවට නොපැමිණි ඇතැම් ඇමතිවරුන් ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට කල් ලබා ගැනීමක් සම්බන්ධව පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අවස්ථාවේදී කථානායකවරයා අද (20දා) මේ බව පවසා සිටියේය.