පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රජය විසින් මෙතෙක් වෙන් කර තිබූ රුපියල් ලක්ෂ 15 සීමාව ඉවත් කර සීමාවකින් තොරව මුදල් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබේ.
පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රජය විසින් මෙතෙක් වෙන්කරනු ලැබුවේ රුපියල් ලක්ෂ 15 ක සීමාසහිත මුදලකි. නමුත් වහාම ක්‍රියාත්මක වන පරිදි සීමාවකින් තොරව රෝගීන් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව සීමාවකින් තොරව රෝගියෙකු ජීවත්ව සිටින තාක්කල් අවශ්‍ය සියලු ප්‍රතිකාර සහ ඖෂධ ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.