ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අද (14) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
දිවයින පුරා විසිර සිටින අසරණ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් සහ ඔවුන්ගේ ජීවන ගැටලු විසදීම වෙනුවෙන් පුලුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූහ.
මහරගම පිළිකා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය, පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා යන මහත්වරුන් ඇතුලු සංගමයේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.