ශ්‍රී ලංකාවට ආනයනය කරන පිළිකා ඖෂධ සහ හෘද රෝග සඳහා භාවිත කරන ස්ටෙන්ස් මිල නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව ස්ටෙන්ස් සහ පිළිකා ඖෂධ වෙළෙඳ පොළේ අලෙවි වන මිලගණන් සහ මිල අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් සකස්කර කඩිනමින් ලබාදෙන ලෙස මෙහිදී අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට උපදෙස් ලබාදී ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එතුමා මේ බව සඳහන් කළේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සඳහා ජපන් ආධාර මත ඉදිකිරීමට යෝජිත ඖෂධ ගබඩා සංකීර්ණය සහ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.