ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගියදා සහභාගි වූ අඟුණකොළපැලැස්ස රැස්වීමකට ගිනි අවියක් රැගෙන ආ කෝප්රල් සේනක රුවන් නැවතත් ජූනි 01 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අඟුණකොළපැලැස්ස මහේස්ත්රාත් නයන්ත සමරතුංග මහතා අද (19දා) නියෝග කළේය.
තවද මෙම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරි මල්ලවගේ සුජීව ප්රියන්ත සහ සැරයන් නිශ්ශංක කිත්සිරි යන නිලධාරීන්ද ජූනි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්රාත්වරයා නියෝග කළේය.