පිවිතුරු හෙළ උරුමයේ දේශපාලන නියෝජිතයන් හා මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ කොමිසමේ සාමාජිකයන අතර හමුවක් මැතිවරණ කොමිෂමේදි අද (22දා) පවත්වා තිබේ.
පිවිතුරු හෙළ උරුමය පිළිගත් දේශපාලන පක්ෂයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. මේ අවස්ථාව සඳහා පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල, ලේකම් උපුල් විජේසේකර, ජාතික සංවිධායක මධුමාධව අරවින්ද, සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර ඇතුළු පිරිසක් එක්ව තිබේ.
“අපි පෙන්වලා දුන්නා මේ රටේ දැනට තිබෙන පිළිගත් දේශපාලන පක්ෂ වලට වඩා මේ රටේ දේශපාලන දිශානතිය තීරණය කරන්න පිවිතුරු හෙළ උරුමය කළ සහ කරමින් සිටින කාර්යය බාරය. අපේ පක්ෂය පිළිගත යුත්තේ ඇයි කියන්න අපි මැතිවරණ කොමිසම ඉදිරියේ කරුණු පෙන්වා දුන්නා. අපේ ක්‍රියාකාරකම් මොනවාද කියලා පරික්ෂා කරන්න ලිපි ගොනු විවෘත කරන්නවත් අවශ්‍ය වුණේ නෑ. අපේ ක්‍රියාකාරකම් එතුමන්ලා දෑසින්ද දැකලා තිබුණා කියලා අපිට දැනුම් දුන්නා.
මේ රටේ දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. අද නිහඬ බහුතරය වන සිංහලයන් වෙනුවෙන් හඬක් නගන පක්ෂයක් නෑ. පිවිතුරු හෙළ උරුමය අපි හැදුවේ ඒ හිඩස පුරවන්න. අද දෙමළ ජාතික සංන්ධානය දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනි සිටියදී, මුස්ලිම් දේශපාලන පක්ෂ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් පෙනි සිටිනවා. ඒ නිසා පිවිතුරු හෙළ උරුමයේ අනාගත දේශපාලන කාර්යබාරය වන්නේ මේ රටේ උරුමය තියෙන නිහඬ බහුතරයගේ හඬ බවට පත්වීමයි.” යැයි හමුවෙන් පසුව අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පැවැසීය.