පිලිපීන ජනාධිපතිවරණයේ වැඩි ඡන්ද ලබා නව ජනාධිපතිවරයා බවට ඩවාඕ පළාතේ නගරාධිපති රොඩ්රිගෝ ඩුටෙර්ටේ තේරීපත්ව තිබේ.
සඳුදා පැවැති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම් අනුව 60% කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ඩුටෙර්ටේ ඉදිරියට පැමිණ සිටියේය.
කෙසේ වෙතත්, වත්මන් රජය විසින් ඉදිරිපත් කළ ජනපති අපේක්ෂක මාර් රොකාස්ට ඔහු සමීපයටවත් පැමිණීමට අවස්ථාවක් නොලැබී තිබුණි.
71 හැවිරිදි ඩුටෙර්ටේ එරට තුළ ව්‍යස්ථා සංශෝධනයක් සිදුකරන බව මැතිවරණයට පෙර සිටම පැවසීය. එමෙන්ම, මැනිලා නගරයට පමණක් කේන්ද්‍රගත වූ පිලිපීන ආර්ථිකය රට පුරා ව්‍යාප්ත කරමින් නිසි ලෙස සම්පත් බෙදී යාමට කටයුතු කරන බවද පවසා තිබුණි.
කෙසේ වෙතත්, මොහු කලක් ඩවාඕ පළාතේ නගරාධිපතිවරයා ලෙසද කටයුතු කර ඇති නිසා, ඔහු දැඩි පාලකයෙකු ලෙස හඳුන්වන්නට විය.