ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි සැලකෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් ගෙන ආ යෝජනාව සම්පූර්ණයෙන් බැහැර කරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඊයේ (24දා) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.