ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන විමුක්ති කොටි (ටී.එන්.වී.පී.) පක්ෂය තනිව තරග වැදීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහලේකම් පූපාලසිංහම් ප්‍රසාන්තන් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව පක්ෂ මධ්‍යම කාරක සභාවට යොමු කර ඇති බව කී මහලේකම්වරයා තම පක්ෂය බෝට්ටුව ලකුණ යටතේ නැගෙනහිර පළාතේ පිහිටි පළාත් පාලන ආයතනවලට පමණක් තරග කිරීමට තීරණය කර ඇති බව ද පවසා සිටියේය.
සන්ධාන ගතවී තරග කිරීමට පක්ෂ කිහිපයක් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කී මහලේකම්වරයා බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය වී ඇත්තේ තනිව තරග කිරීම බවද කීවේය.
මේ අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල පිහිටි තෝරා ගත් පළාත් පලාන ආයතනවලට තරග කිරීමට කටයුතු යොදා ඇතැයි ලේකම්වරයා කීය.
මේ සම්බන්ධයෙන් ඉදිරි දිනයක පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ත්‍රිකුණාමලය අමරජීව