හිටපු නැගෙනහිර මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එස්. ගනේෂරාජා මහතා නියෝග කළේය.
මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් යාඥාවට එක්වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මඩකලපුව ජවුෆර් ඛාන්