ගුරු සේවයේ ගැටලු විසඳීමට මේ වනවිට ක්‍රියාත්මක කරන 35/2014 නව ගුරුසේවා ව්‍යවස්ථාවට පිරිවෙන් ගුරුවරුන්ට අදාළ වන සේ වගන්ති ඇතුළත් නොකිරීම නිසා පිරිවෙන් ගුරුවරුන් 7000ක අධික පිරිසකට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය සඳහන් කරයි.
1994 සිට සෑම ගැසට් නිවේදනයක් සහ චක්රලේඛයක්ම නිකුත් කරනු ලබන්නේ පරිවේණාචාර්යවරයා වෙනුවෙන්ද බලාත්මක බව සඳහන් කරමින් බවද එම සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අවධාරණය කළහ.
පසුගිය කාලයේ ඇතිවූ ගුරු ගැටලු විසඳීම සඳහා මේ වනවිට 35/2014 නමින් නිකුත් කර ඇති නව ගුරු සේවා ව්‍යවස්ථාවට පාසල් ගුරුවරුන් අනුයුක්ත කරමින්, ගුරුවරුන්ට ඇතිවී තිබෙන වැටුප්, උසස්වීම් විෂමතා සහ ශ්‍රේණිගත කිරීම සිදුකරමින් තිබෙන බවද එහිමියෝ සඳහන් කර සිටියහ.
එම සේවා ව්‍යවස්ථාවට අනුව පිරිවෙන් ගුරුවරුන්ගේද ගැටලු විසඳිය යුතු වුවත්, එහි පරිවේණාචාර්යවරයා වෙනුවෙන්ද බලාත්මක බවට සඳහන් කර නොමැති නිසා පිරිවෙන් ගුරුවරුන් මෙම ව්‍යවස්ථාවට අනුව අන්තර්ග්‍රහණය කර ගැනීමට නොහැකි යැයි බලධාරීන් සඳහන් කරන බවද අවධාරණය කළහ.
මේ නිසා වහාම මෙම ව්‍යවස්ථාව පිරිවෙන් ගුරුවරුන්ටද බලාත්මක වන ආකාරයට චක්‍ර‘ලේඛයක් නිකුත් කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.