පියාගේ වියෝව නිසා පුතත් සියදිවි නසාගෙන
සිය පියාගේ වියෝව දරාගත නොහැකිව අනුරාධපුර, පුබුදුපුර ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයෙකු ගෙලවැල ලාගෙන සියදිවි හානිකර ගෙන ඇතැයි එප්පාවල පොලීසිය සඳහන් කරයි. මෙසේ සියදිවි හානිකර ගෙන ඇත්තේ උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රියදුරෙකු ලෙස සේවය කළ, මංගල කුමාර බුලංකුළම නමැති දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා සිය පියාගේ අභාවයෙන් දින 06 ක් ගෙවුණු අද (05දා) අලුයම පියාගේ දේහය භූමදාන කළ සොහොනට මීටර 300 ක් පමණ දුරින් පිහිටි ලදු කැලෑවක රසායන ද්‍රව්‍යයක්ද පානය කර ගෙල වැලලාගෙන සිටියදී සොයාගත් බව එප්පාවල පොලීසිය පවසයි.
සිය පියාට බොහෝ සේ ආදරය කළ මියගිය පුද්ගලයා පියාගේ වියෝව හේතුවෙන් කම්පනයට පත්ව සිටි බව පවුලේ ඥාතීහු පවසති. එප්පාවල කණ්ඩක්කුලම පිහිටි නිවසට පැමිණ පියාගේ සත් දින දානයට අවශ්‍ය සියලු බඩුබාහිර ආදිය සහ අනෙකුත් කටයුතුද සම්පාදනය කර මියගිය පුද්ගලයා අද (05දා) අලුයම 1.00 පමණ වන තුරු නිවසේ රැඳී සිට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

