සිය පියාණන් වන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් හා පවුලේ සාමාජිකයන් පුදුමයට පත්වූ බව මධ්‍යම පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
1999 වසරේ පුද්ගල ඝාතන සිද්ධියක් බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් තම පියා අත්අඩංගුවට ගත් බවත්, 1999 වසරේ සිට විභාග වෙමින් තිබෙන නඩුවකට මෙසේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව දඹුලු ජනතාවටද ප්‍රශ්නයක් පවතින බවත් ඔහු සඳහන් කළේය.
1980 වසරේ ටී.බී. තෙන්නකෝන් හිටපු ඇමතිවරයා මියයාමෙන් පසු තෙන්නකෝන් පරම්පරාවට වළ දැමූ බොහෝදෙනා සිතූ බවත්, ඒහෙත් දේශපාලන පළිගැනීම්වලට මුහුණදීමට තෙන්නකෝන් පවුලේ අය හා දඹුලු ජනතාව සූදානම් බවත් හෙතෙම පවසා සිටියේය.
පළාත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ තෙන්නකෝන් නාමය දේශපාලන ලෝකයෙන් සහ දඹුල්ල ජනතාවගෙන් ඉවත් කිරීමට නොහැකි බවයි.