ශ්‍රී ලංකාවේ දෙවන සත්වෝද්‍යානය ලෙස විවෘත කළ පින්නවල සත්වෝද්‍යානයේ මැයි මස 01දා සිට 04 දා දක්වා ලැබී ඇති ආදායම රුපියල් මිලියන තුනක් ඉක්මවා ඇති බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම කාලය තුළ උපයා ඇති ආදායම රු 3,538,940.00 ක් බවත් දේශීය සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහළයාම ඊට හේතුව බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.