පින්නවල අලි අනාථාගාරයේ 40 වැනි සැමරුම හා ලෝක අලි ඇතුන්ගේ දිනය අද ( 12 දා) උදෑසන පින්නවල අලි අනාථාගාරයේදි පැවත්විය.
1975 පෙබරවාරි 17 වැනි දින වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරන ලද අතර පසුව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පවරන ලදි.
දිවයිනේ පළමුවරට ස්වාභාවික පරිසරයක් තුළ අලි ඇතුන් බෝ කිරිම සඳහා පින්නවල අලි අනාථාගාරය දැරූ පරිශ්රමය පල දරමින් ගත වු කාලය තුල එම මධ්‍යස්ථානය තුල බිහි වු අලි පැටවුන් ගණන 68 ක් බව පැවසේ.
ගත වූ වසර 40 තුල මෙහි වරින් වර අලි ඇතුන් දෙසියකට පැඩි දෙනෙකු රැකවරණය ලද අතර වර්තමානයේ මෙහි රැකවරණය ලබන අලි ප්‍රමාණය 89 කි.
මාවනැල්ල සමන් විජය