පිටකොටුව කුමාර වීදියේ විසිතුරු භාණ්ඩ අලෙවිසැල් කිහිපයක අද (21දා) අලුයම ගින්නක් ඇතිව ඇතැයි පොලීසිය කියයි.
වහාම ක්රියාත්මක වූ පොලීසිය හා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
ගින්නෙන් කඩ කාමර 7කට හානි සිදුව ඇති බවත් ජීවිත හානි සිදුව නොමැති බවත් පොලීසිය කියයි. ගින්නට හේතුවත් සිදුවූ අලාභයත් ගණනය කර නොමැත.