පික් මී කුලී රථ සේවයට එක්ව තිබෙන මෝටර් රථ රියදුරන් එම සමාගමට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර තිබේ. නුගේගොඩ පිහිටි එම සමාගමේ ප්රධන ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණි මෝටර් රථ රියදුරන් මෙසේ විරෝධතාව දක්වා ඇත.
පික් මී කුලී රථ සේවයට එක්ව තිබෙන අකරු දෙකේ අංක ඇති මෝටර් රථ මිනි වාහන කාණ්ඩායට (ටාටා නැනෝ වැනි) ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධය ප්රකාශ කරමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව වාර්තාවෙයි.